මාතර ගබඩා වීදියේ ඩී.එස්. සේනානායක විදුහලේ සිසුන් හා දෙමාපියන් ආරම්භකර ඇති විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් මාතර - කොළඹ මාර්ගයේ වාහන ගමනය පැයක පමණ කාලයක සිට ඇණහිට තිබේ.
පසුගිය රජය විසින් එම පාසලේ ඉදිකිරීම් ආරම්භකළ ගොඩනැගිලි මේ දක්වා ඉදිකර අවසන් නොකිරීමට විරෝධය පාමින් මෙම උද්ඝේෂණය පැවැත්වේ.