ඉකුත් ආණ්ඩුව සමයේ ඉදිකිරීමට යෝජිතව තිබූ මාතර-කතරගම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් අවලංගු නොකරන ලෙසත්, එහි ඉදිකිරීම් කටයුතු කඩිනමින් ආරම්භ කර මාතර සිට බෙලිඅත්ත දක්වා වූ පළමු අදියරේ කටයුතු සැලසුම් කර ඇති ආකාරයෙන්ම සිදුකරදෙන ලෙසත් ජනතාව ඉල්ලා සිටිති.
ජනාධිපතිවරණයත් සමග සිදුවූ ආණ්ඩු මාරුව නිසා ඉදිකිරීමට යෝජිතව තිබූ මෙම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් අවලංගු කර ඇතැයි පැතිර යන කටකතා හේතුවෙන් බෙලිඅත්ත ඇතුළු අවට ප්රදේශ කිහිපයකම ජනතාව කම්පාවට පත්ව සිටිති.
මෙම අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී ප්රදේශවාසීන් ලෙස තමන්ට හැකි උපරිම සහාය ලබාදීමට තමන් කැපවන බවද ඔවුහු කියති.
කෙසේවෙතත් මාතර සිට බෙලිඅත්ත දක්වා වූ කොටසේ සියලු මැනුම් කටයුතු අවසන් කර තිබෙන බවත්, මෙම අධිවේගී මාර්ගය සඳහා අත්පත් කරගත යුතු ඉඩම්ද මේ වනවිට හඳුනාගෙන ඇති බවත් එහි කාර්යභාර්ය නිලධාරීහු පැවසූහ.
බෝගහඉඳිවැව නුවන්