ත්‍රිකුණාමලය යුද හමුදා භට කාර්ය සම්පාදන විද්‍යාලය පවත්වන ලද මාණ්ඩලික නිලධාරී භටකාර්ය සම්පාදක දෙවන පාඨමාලාව හැදෑරූ 24 දෙනෙකුට උපාධි පිරිනැමීම යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලයේදී අද (15දා) සිදු කෙරිණි.
යුද හමුදා භට කාර්ය සම්පාදන විද්‍යාලයේ සේනාවිධායක බ්රි‘ගේඩියර් ඒ.එස්.ඩී. ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් 2015 පෙබරවාරි 09 වැනිදා ආරම්භ කළ පාඨමාලාව සාර්ථකව නිම කළ නිලධාරීන්ට මෙසේ උපාධි ප්රදානය කරන ලදී. මෙම මාණ්ඩලික නිලධාරී පාඨමාලාව හැදෑරු පිරිස දකුණු ආසියාතික කලාපයේ විදේශීය හමුදා පුහුණු පාසල්වල අධ්‍යයනය සිදු කර තිබේ.
කපිතාන් හා මේජර් නිලයේ නිලධාරීන් සඳහා සැලසුම්කර ඇති මාස අටක පාඨමාල කාලය තුළදී භට කාර්ය සම්පාදනය හා පාලන මූලධර්ම, ක්‍රියාපිළිවෙත්, සැලසුම්කරණය හා කළමනාකරණය, නායකත්වය, තොරතුරු සන්නිවේදන තාක්ෂණ ඇතුළු කාලීන විෂයන්ගෙන් පෝෂණය වී තිබේ.
මෙම අවස්ථාවට යුද හමුදාවේ ඉහළ නිලධාරීහු පිරිසක්ද සහභාගී වූහ.
ඡායාරූප ඉසුරු පෙරේරා