හම්බන්තොට මාගම්පුර වරාය සමාගමේ සේවකයන්ට වන්දි ලෙස රටේ කම්කරු නීතිරීතිවලට හිමිවන වන්දි මුදල මෙන් තුන් ගුණයක් ගෙවීමට සූදානම් බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේය.
ඔවුන් බඳවාගෙන සිටින්නේ පෞද්ගලික සමාගමකට බවත්, මේනිසා වන්දි ලබාදී හම්බන්තොට වරාය සම්බන්ධයෙන් ඇති කර තිබෙන නව සමාගම් දෙකක් යටතේ ඔවුන්ට රැකියා ලබාදීමටද සූදානම් බවත් අමාත්‍යවරයා පවසා සිටියේය.
හම්බන්තොට වරාය මූලික කරගනිමින් ඇති කරගත් මාගම්පුර වරාය සමාගමට බඳවාගත් කිසිදු සේවකයෙකු වරාය අධිකාරිය විසින් බඳවාගෙන නොමැති බවද සමරසිංහ මහතා සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ, ඊයේ (16දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.
කිසිදු සේවකයෙකුට අසාධාරණයක් වීමට ඉඩ නොතබන බවත්, තුන් ගුණයක් වන්දි මුදල් ලබාදෙන බවට සිදුකළ ප්‍රකාශය අනුව කිහිප දෙනෙකු වන්දි ලබාගෙන තිබෙන අතර, යම් පිරිසක් මරාන්තික උපවාසයක් ආරම්භ කර තිබෙන බවත් මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේය.
අසාධාරණයට පත් පිරිස කම්කරු නීතිරීති මුල් කරගනිමින් නීතිමය ක්‍රියාමාර්ගවලට ගොස් සිටින බවත්, අදාළ තීන්දුවට හිස නමා කටයුතු කරන බවත් හෙතෙම පවසා සිටියේය.