මන්ත්රීවරුන්ගේ මහජන දිනය සති අන්තයට හෝ සඳුදා දිනයට යොදාගන්නා ලෙසත්, මන්ත්රීවරුන් තම ප්රදේශයේ මළගෙවල්, මගුල් ගෙවල් සඳහා ප්රමුඛත්වය දී කටයුතු කරනවා නම් පාර්ලිමේන්තු නොපැමිණ පළාත් සභාවේ හෝ ප්රාදේශීය සභාවේ රැඳී සිටිය යුතු බවත් අග්රාමාත්යවරයා පැවසීය.
අභිනව පාර්ලිමේන්තුවට තේරීපත්වූ නවක මන්ත්රීවරුන් වෙනුවෙන් පවත්වනු ලබන දැනුම්වත් කිරීමේ වැඩමුළුවට ප්රධාන ආරාධිතයා ලෙස අද (10දා) එක්වෙමින් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී මේ බව පැවසීය.