හින්දු බැතිමතුන්ගේ ආගමික චාරිත්‍රයක් වන “මහෝදයම්“ උත්සවය ත්‍රිකුණාමලය, සමුද්‍රාගම වෙරළ තීරයේ දිය කැපිමේ මංගල්‍යයෙන් අවසන්විය.
දිස්ත්‍රික්කයේ විසිරි ඇති කෝවිල් 27ක දේව ප්‍රතිමා එක් ස්ථානයකට රැගෙනවිත් දිය කැකපිමේ මංගල්‍යයට මහෝදයම් යනුවෙන් හින්දු බැතිමතුන් කියයි. මෙවැනි උත්සවයක් එළැබෙන්නේ වසර 60කට වරක් වීම විශේෂත්වයකි.
මෙම කෝවිල් වලට සම්බන්ධ හින්දු බැතිමතුන් විශාල පිරිසක් මෙම උත්සවයට සහභාගිවූහ. ඒ ඒ කෝවිල් පරිපාලන සභා එක්ව මෙම උත්සවය සංවිධානය කර තිබුණි.
ත්‍රිකුණාමලය චමෝද්‍යා