කයිටිස්හි නාගදීප දූපතේ නාග පුෂණි අම්මාන් කෝවිල පිටුපස මුහුදු තිරයේ දිය නැමට ගිය පුද්ගලයින් තිදෙනෙකු දියේ ගිලි මියගොස් ඇතැයි පොලීසිය කියයි.
ඊයේ (19දා) සවස මෙම සිදුවීම සිදුව ඇති අතර එයින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දේවරාසා සරුජන් (23), දේවරාසා සාන්යන් (22) හා උදයකුමාර සහිරදන් (21) යන කෝපායි ප්ර දේශයේ පදිංචි කරුවෝ වෙති. සිද්ධිය පිළිබඳව කයිට්ස් පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.