සබරගමු පළාත් මහ අමාත්‍ය මහීපාල හේරත් මහතා රඹුක්කන ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කිරීමට අදාළව සබරගමු පළාතේස දේශපාලඥයෙකු කර ඇති ඉල්ලීමකට අමාත්‍ය ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා විරෝධය දක්වා ඇතැයි වාර්තා වෙයි.
මහනුවරදී පැවැත්වීමට නියමිත නිදහස් පක්ෂ මැයි දිනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එහි මැයි දින කමිටුව ගිය සතියේදී රැස්වූ අවස්ථාවේදි මෙම යෝජනාව කර ඇත.
ජෝන් සෙනෙවිරත්න මහතා එම යෝජනාවට විරෝධය දක්වා ඇති අතරම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන්ද එයට අනුමැතිය ලැබී නොමැත. මෙම රැස්වීම පසුගිය 18දා කොළඹ ජනපති නිල නිවසේදී පවත්වා තිබේ.
අජන්ත කුමාර අඟලකඩ