පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ස්වාධීන කණ්ඩායම නියෝජනය කරමින් මහියංගනය ප්‍රාදේශීය සභාවට තේරී පත්වූ සාමාජිකයෝ 08 දෙනා ඊයේ (03දා) සවස ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ලබා ගත්හ.
අනතුරුව ඔවුහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ලෙස ජනාධිපතිවරයා ඉදිරියේදී දිවුරුම් දුන්හ.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ස්වාධීන කණ්ඩායමක් ලෙස මහියංගනය ප්‍රාදේශීය සභාවට තරග කළ ඩී.එම්. ශ්‍යාමලී කුමාරි දිසානායක, ඩී.එම්. ධනුෂ්ක ධර්මරත්න දිසානායක, ඒ.එම්. ජයවර්ධන බණ්ඩාර, ඩබ්.එම්. සමන් පුෂ්පකුමාර, එම්.බී. වසන්ත වික්‍රමසිංහ, ආර්.පී.එම්. චන්ද්‍රදාස, ඒ.එම්. ලලිතා වසන්ති දිසානායක, එච්.පී. භාෂිලා මුධුභාෂිනී යන මහත්ම මහත්මීහු මෙම පිරිසට ඇතුළත් වෙති.
පූජ්‍ය අලුකැටියාවේ සීලවංශ හිමි සහ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න, මහියංගනය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක කේ.පී. ගුණවර්ධන යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
(ඡායාරූප කපිල ආරියවංශ - ජනාධිපති මාධ්‍ය අංශය)