ඇප කොන්දේසි සපුරා ගැනීමට නොහැකිවීමෙන් ඊයේ (16දා) රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (17දා) ඇප කොන්දේසි සපුරාලීමට සමත්වූ හෙයින් ඔහුව ඇප මත නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
රුපියල් මිලියන 39ක රාජ්‍ය මුදල් අවභාවිත කරමින් පසුගිය ජනපතිවරණ සමයේදී කැරම් හා දාම්බෝඩ් මිලදී ගැනීමේ සිදුවීමකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීමට පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට කැඳවූ හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා එහිදී අත්අඩංගුවට පත්විය.
පසුව ඔහු රුපියල් 35000ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරණි. මෙහිදී මන්ත්‍රීවරයාගෙන් විදෙස් ගමන් තහනම් කළ අතර එයට අදාළව ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රය අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකිවීම හේතුවෙන් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.
මන්ත්‍රීවරයා තම ගමන් බලපත්‍රය මහාධිකරණය හමුවේ පවතින බවට ප්‍රකාශ කළත් එය තහවුරු කර ගැනීමට නොහැකිවීම හේතුවෙන් බන්ධනාගාර ගත කෙරිණි.