පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමේ මහතාට විදේශ ගතවීම වළක්වාලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (05දා) නියෝගයක් නිකුත් කළේය.
සතොස මුදල් අවභාවිත කිරීමේ සිදුවීමට අදාළව ඔහුට මෙසේ විදෙස්ගතවීම තහනම් කළේය.
එසේම පොලිස් මූල්‍ය අපරාධ ඒකකය විසින් තමාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බවත් එය වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා පෙත්සමක් අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කළේය.