එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් ස්ටර්ලින් පවුම් 320,000කට ලන්ඩනයේ නිවසක් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධ ලිපිලේඛන සියල්ල පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පවරාදෙන බව සමාජ සේවා හා සමාජ සුභසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
තමන්ගේ මිතුරෙකු මාර්ගයෙන් එංගලන්තයේ ඉඩම් අමාත්‍යාංශයෙන් ලබාගත් සියලු ලිපිලේඛන ඉදිරිපත් කරන බවත්, 2008 වසරේ සැප්තැම්බර් 09 වැනිදා අඹන්පොළගේ ආශා විජයන්ති අලුත්ගමගේ සහ මහින්දානන්ද අලුත්ගමගේ යන නමින් මෙම නිවස මිලදී ගෙන තිබෙන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා ඊයේ (05දා) සඳහන් කළේය. ස්ටර්ලින් පවුම් 320,000කට මිලදී ගත් නිවස ස්ටර්ලින් පවුම් 470,000කට පසුව විකුණා තිබෙන බවද රාමනායක මහතා ප්‍රකාශ කළේය.