හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස සළකන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් ඉදිරිපත් කොට ඇති ඇති පෙත්සම විභාගයට නොගෙනම නිශ්ප්‍රභ කිරීමට කොළඹ දිසා විනිසුරු සුජීව නිශ්ශංක මහතා තීරණය කළේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස සළකන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් ඉදිරිපත් කොට ඇති පෙත්සම විභාග කිරීමට මෙම අධිකරණයට බලයක් නැතැයි ඉදිරිපත් කොට තිබු මුලික විරෝධතාවයක් පිළිගත් දිසා විනිසුරුවරයා එලෙස තීරණය කළේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස සළකන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් දෙදෙනෙකු විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා වගඋත්තරකරු කරමින් මෙම පෙත්සම ඉදිරිපත් කොට තිබුු පෙත්සමක් මෙලෙස නිශ්ප්‍රභ කළේය.
මෙහි පෙත්සම්කරුවන් වුයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභිකයින් වන අනුර ප්‍රියශාන්ත සහ අසංක නන්දන ශ්‍රීනාත් යන මහත්වරුන්ය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා වශයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා නම් කොට ඇති බව පක්ෂයේ මහලේකම්වරයා විසින් තමන්ට දැනුම් දී ඇති බවත් ඔහුට එම තනතුර දැරීමට හැකියාවක් නැති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා යළිත් වරක් පත් කරන ලෙසත් පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.
මෙම පෙත්සම කැඳවනු ලැබු අවස්ථාවේදී වගඋත්තරකාර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් මහ ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ චන්දන ලියනපටබැඳි මහතා මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යෑමට නොහැකි බවත් ඒ සම්බන්ධයෙන් තවුදුරටත් පරීක්ෂණ සිදු කරන බවත් සිය ලිඛිත දේශන ඉදිරිපත් කරමින් පැමිණිල්ලේ මුලික විරෝධතාවයන් ඉදිරිපත් කළේය.
එම මුලික විරෝධතාවය පිළිගත් දිසා විනිසුරුවරයා මෙම පෙත්සම විභාගයට නොගෙනම නිශ්ප්‍රභ කළේය.