හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෝ කිසිවෙකුට හිරිහැර කිරීමේ අවශ්‍යතාවක් තමාට නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (20දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
මෙහිදී හිටපු ජනාධිපතිවරයා කැඳවා ඇත්තේ තිස්ස අත්තනායක මහතාට අමාත්‍ය ධුරයක් ලබාදීම පිළිබඳව ප්‍රකාශ ලබාගැනීමට බැවින් එය නීතිවිරෝධී ක්‍රියාවක් නම් උසාවි ගොස් ඊට තහනම් නියෝගයක් ලබාගත හැකි බව හෙතෙම පවසා සිටියේය.
විශේෂයෙන්ම හිටපු ජනාධිපතිවරයාගේ නීතිඥවරුන් මාර්ගයෙන් මෙන් සිදුකළ හැකි බව ඒ මහතා සඳහන් කළේය.
එසේම තමන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට බලපෑම් කරන බවට ඇති චෝදනා අග්‍රාමාත්‍යවරයා ප්‍රතික්ෂේප කර සිටියේය. ඔහු කියා සිටියේ, තමා සිදුකළේ එම කොමිසමේ කටයුතු කාර්යක්ෂම කිරීමට අවශ්‍ය පහසුකම් ලබාදීම බවයි.