හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අල්ලස් කොමිසම හමුවට රැගෙන ඒමට විරෝධය ප්රකාශ කරමින් බස්නාහිර පළාත් සභා මන්ත්රීවරු ඇතුළු පිරිසක් පවත්වන පාර්ලිමේන්තු පාර අවහිර කමින් පවත්වන විරෝධතාව නවත්වන ලෙසට කඩුවෙල මහේස්ත්රාත් අධිකරණය මගින් වාරණ නියෝගයක් ගැනීමට පොලීසිය කටයුතු කොට තිබේ.
අධිආරක්ෂිත කලාපයක විරෝධතාව පැවැත්වීමට එරෙහිව මෙම වාර්ණ නියෝගය ලබාගෙන තිබෙන නමුත් විරෝධතාකරුවන් පාර්ලිමේන්තු පාරේ සිට අඛණ්ඩවම විරෝධතාව පවත්වනු ලබයි.