හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට යළි බලයට පැමිණීමට හැකියාවක් නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඉන්දියාවේ ද හින්දු පුවත්පත හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පවසා තිබේ.
එසේම තරුණ ඡන්ද හිටපු ජනපතිවරයා සමග නොමැති බව පෙන්වාදෙන අග්‍රාමාත්‍යවරයා කාලය ගත වන විට හිටපු ජනපතිවරයාගේ ඡන්ද පදනමද ගිලිහෙමින් පවතින බව පෙන්වා දෙයි.
ජාතික ආණ්ඩුවේ ප්‍රතිපත්ති සාර්ථක වූ විට ජනතාව මහින්ද රාජපක්ෂ අසාර්ථක නායකයෙකු බව තීරණය කරනු ඇති බවද පවසයි. ජනතාව වෙනසක් කළ විට නැවතත් සිටි තත්ත්වයට ඔවුන් නොයනු ඇති බවත් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි.
ජනතාවට වෙනසක් අවශ්‍යනම් ඔවුන් අලුත් දෙයක් පිළිබඳව සිතනු ඇති බවත් අග්‍රාමාත්‍යවරයා පවසයි.