මහින්ද රාජපක්ෂ මහතා කිසිම විටක විධායක ජනධිපති ධුරයට කිසිම දිනක කැමැත්තක් නොතිබූ බවත්තුන්වරක් ජනාධිපති ධුරයට ඉදිරිපත්වීමට ඔහුට කිසිම කැමැත්කත් නොතිබූ බවද බෙංගමුවේ නාලක හිමියෝ පැවසූහ.
බෙදුම්වාදය පැවති හෙයින් විධායක බලය තබාගත් අතර තුන්වරක් ජනාධිපති වීමට ඉදිරිපත්වූයේ ජනතා ඉල්ලීම නිසා බවත් උන්වහස්සේ පැවසූහ.
නැවත අගමැති වීමටද මහින්ද රාජපක්ෂ මහතාට කිසිම උනන්දුවක් නොතිබූ අතර වටේපිරිසගේ ඉල්ලීම මත මහින්ද මහතා නැවත දේශපාලනයට පැමිණියා මිස ඔහු බලයට තණ්හාවක් ඇති පුද්ගලයකු නොවන බවද උන්වහන්සේ පැවසූහ.
අද(13දා) අභයාරාම විහාරයේදී පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ එසේ පැවසූහ. මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රචාරක පත්‍රිකා රුසක් විහාරස්ථානයේ තැන්තැන්වල තිබෙන අයුරුද දර්ශනය විය
ඡායාරුප - ශමීර රාජපක්ෂ