විධායක ජනාධිපති ක්රමය අහෝසි කිරීමට කැමති සියලු දෙනාම එක්ව පොදු පා ගමනකට නුදුරේදීම එක්වන බවත්, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තෙවැනි වරටත් ජනාධිපති ධුරයට ඉදිරිපත්වීමට හෝ ජනාධිපතිවරණයක් කැඳවීමට නොහැකි බවත් නීතිඥ ශිරාල් ලක්තිලක මහතා පැවසීය.
එමෙන්ම නැවත වරක් මහින්ද රාජපක්ෂ මහතා බලයට පැමිණීම වැළැක්වීමට විශාල මහජන මතයක් සෑදිය යුතු බවත්, ඒ සඳහා සියලු දෙනාම එක්විය යුතු බවත් ලක්තිලක මහතා පැවසුවේ අද (29දා) %‘මහින්දට තුන්වරක් බෑ’ සම්මන්ත්රණය අමතමිනි.