ජනාධිපතිවරණ සමයේදී(2015) ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයට අයවිය යුතු මුදල් නොගෙවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු නොතීසිලත් පාර්ශ්වයන්ට අපරාධ නඩු පවරන ලෙසත්,'රක්නා ලංකා; සමාගම සහ ඇවන්ට්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගම අදාළ සිදුවීම්වලදී සිදුවූ මුදල් අවභාවිතාවන් සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු නොතීසි ලත් පාර්ශ්වයන්ට අපරාධ නඩු පවරන ලෙසත් බරපතළ වංචා දූෂණ පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව සිය වාර්තාව මගින් නිර්දේශ කර ඇත.
බරපතළ වංචා, දූෂණ, රාජ්‍ය සම්පත්, වරප්‍රසාද, බලය හා අධිකාරිය අනිසි ලෙස භාවිතකිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා වූ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව ඊයේ (23දා) පාර්ලිමේන්තුවේ සභාගතකළ අතර, එහි මෙම නිර්දේශ සඳහන් වේ.
එමෙන්ම් වංචා දූෂණ හා රජයේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධ සිද්ධි 34ක් සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු හිටපු අමාත්‍යවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන් රාජ්‍ය නිලධාරීන් ඇතුළු රැසකට එරෙහිව නඩු පවරන ලෙස මෙම කොමිෂන් සභා වාර්තාවේ දක්වා තිබේ.