පසුගිය වර පැවැති ජනපතිවරණයට ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ භාවිතා කිරීම හේතුවෙන් ඒ සඳහා අයවිය යුතු රුපියල් මිලියන 140ක මුදලක් සංධානය විසින් නොගෙවීමට විරෝධය දක්වමින් ලංගමය කොළඹ වාණිජ මහාධිකරණයේ නඩු පැවැරීය.
සන්ධාන මෙහෙයුම් කමිටුවේ හත් දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබෙන අතර ඒ අතර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, සන්ධානයේ හිටපු ලේකම් සුසිල් ප්‍රේමජයන්ත්, ශ්‍රීලනිප හිටපු ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, ගාමිණී සෙනරත්, අමල් සේනාධිලංකාර වෙති.