කිසිඳු පරිසර වාර්තාවක් හෝ අවසරයකින් තොරව සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් ජනතා මුදල් අයුතු ලෙස යොදවා ගැනීම පිළිබඳව පසුගිය රජයේ වාරිමාර්ග අමාත්‍යවරයාට හා එවකට සිටි ජනාධිපතිවරයාට එරෙහිව නඩු පැවරීමට තිරණය කළ බව ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඊයේ (04දා) පැවැසීය.
බණ්ඩාරවෙල මහ නගර සභා ක්‍රීඩාංගණය සංවර්ධනය කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
"පසුගිය රජය වසර දහයක පමණ කාලයක් මෙරටෙහි සංවර්ධන කටයුතු සිදු කරන බව පවසමින් මුදල් කාබාසිනියා කලා. නමුත් ඒ අයට ඒ වසර දහයක කාලය අමතක වෙලා. ඒ අය අපෙන් අහනවා දින සියයට මොනාද කළේ කියා. අපි දින සියයට විශාල වැඩ කොටසක් කලා. පසුගිය රජය යුද්ධය ජයග්‍රහණය කලා තමයි. ඒත් පුළුවන් තරම් හොරා කෑවා. ඒවාදැන් අමතකයි.
උමා ඔය ව්‍යාපෘතිය සදහා වැය කරන මුදල ඩොලර් බිලියන පන්සීයක්. ලංකා මුදලින් මේ කියක්ද කියා කියන්නවත් මට තේරෙන්නේ නෑ. එවකට සිටි රජය මේ ව්‍යාපෘති වලට ගිහින් තියෙන්නේ කිසිඳු පරිසර වාර්තාවක් හෝ අනුමැතියකින් තොරව තනි කැමැත්තටයි. උමාඔයෙන් මම රුපියලක්වත් ගත්තේ නෑ. මෙයින් හොරා කාපු අය දැන් පැත්තකට වෙලා ඉන්නවා. කිසිදඳු පරිසර වාර්තාවක් හෝ කිසිදු අනුමැතියකින් තොරව ජනතාව පීඩාවට පත් කරන මෙවැනි සංවර්ධන ව්‍යාපෘති සදහා තනි කැමැත්ත මත කටයුතු කළ එවකට සිටි වාරිමාර්ග අමාත්‍යවරයාටත් එයට අනුමැතිය දුන් එවකට සිටි ජනාධිපතිවරයාටත් ජනතා මුදල් අයුතු ලෙස සංවර්ධනය සදහා යෙදවීම වෙනුවෙන් නඩු පැවරීමට මා තීරණය කළා. ඉදිරියේදී මේ සදහා කටයුතු කරනවා." යැයි හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය .
වැලිමඩ කුමාරගේ