ජනපතිවරණ සමයේදි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ මැතිවරණය වෙනුවෙන් යොදා ගැනීම හේතුවෙන් ඒ සඳහා ලංගමට අයවිය යුතු රුපියල් මලියන 143ක් ගෙවීම් නොකිරීමට එරෙහිව ගමනා ගමන මණ්ඩලය විසින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුව අද (22දා) කොළඹ වාණිජ අධිකරණයේදී විභාගයට ගනු ලැබීය.
නඩුවට එරෙහි විරෝධතා ගොනු කිරීමට ඇති බව හිටපු ජනපති වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දැනුම් දීමත් සමග එය යළි අප්‍රේල් මස 06 දා තෙක් කල්දැමීමට අධිකරණය නියෝග කළේය.
මෙහි වගඋත්තරකරුවන් ලෙස මිට ඉහතදී සුසිල් ප්‍රේම්ජයන්ත් හා අනුර ප්‍රියදර්ශන යාපා මහතා නම් කර තිබුණත් පසුව කළ සංශෝධන වලදී ඔවුන් එයින් ඉවත්කරනු ලැබීය.