මෙවර මහ මැතිවරණයේදී කුමන රජයක් බලයට පත්වුවද පත්වන රජය ඉතා දුර්වල රජයක් බවත් මහින්ද දකුණේත්, ටී.එන්.ඒ. උතුරේ ජාතිවාදය පතුරන බවට ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවැසුවේය. එසේම මෙම මැතිවරණයෙන්ද මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාට සන්ධාන ආණ්ඩුවක් පිහිටුවිය නොහැකි බවත් ඔහු කීවේය.
වව්නියාවේ පැවැති මැතිවරණ හමුවකදී ඔහු මේ බව පැවැසීය.
‘‘පාර්ලිමේන්තුවේදී පසුගිය කාල සීමාවේදී විශාල හඩක් මේ දක්වා නැගුවේ මන්ත්‍රී ආසන තුනකින් නිසා මෙවර මැතිවරණයෙන් ජනතාව වෙනුවෙන් ප්‍රභල හඩක් නැගීමටනම් ජනතා විමුක්ති පෙරමුණේ ආසන සංඛ්‍යාව වැඩි කළ යුතුයි. එය ජනතාවට භාරයි.
එක්සත් ජනතා නිදහස් සන්ධානය බලයට පත් වන බවට මේ දවස් වල මහින්ද රාජපක්ෂ පුරසාරම් දොඩවනවා. නමුත් ජනාධිපතිවරණයේදී පරාජය වූ ඔහුට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් රජයක් පිහිටුවීමට හැකියාවක් නැහැ”