ගෝඨාභය රාජපකෂ මහතා ඇතුළු පුද්ගලයින් හය දෙනෙකුට දීම සඳහා හිටපු ජනපති මහින්ද රාජපකෂ මහතාට අලි පැටව් ලැබුණේ කෙසේදැයි හෙළිකර ගැනීම සඳහා පරිකෂණ පවත්වන බව රහස් පොලීසිය කොළඹ ප්රධාන මහෙස්ත්රාත් ගිහාන් පිලපිටිය මහතාට දැනුම් දුන්නේය.
මෙම සතුන් ලැබුණේ වනජීවී දෙපාර්තමෙන්තුවෙන්ද ,ජාතික සත්වෝද්යානයෙන්ද, එසේත් නැත්නම් විදේශ රටකින්ද යන්න හෙළි කර ගැනීම සඳහා පරිකෂණ පවත්වන බවද දැනුම් දුන් රහස් පොලිසිය මේ වන විට තවත් කිහිප දෙනෙකු අලි පැටවුන් ලියාපදිංචි කර ගැනීම සඳහා අයැදුම් පත්ර ඉදිරිපත් කොට ඇතැයිද ඒ සම්බන්ධයෙන්ද පරිකෂණ සිදු කරන්නේ යැයිද දැනුම් දුන්නේය.
මෙම ඇයැදුම්කරුවන් අතර ගෝඨාභය රාජපකෂ මහතා, හිටපු ජනාධිපත්වරයාගේ ප්රධාන ආරකෂක නිලධාරීයා වු මැදමුලන අත්තනයායේ පදිංචි එන්. වන්නිආරච්චි, බෙල්ලන්විල රජමහාවිහාරාධිපති බෙල්ලන්විල විමලරත්න හිමියන්, කණ්ඩලම වලව්වේ පදිංචි නිලන්ති බණ්ඩාර වීරසිංහ, මැදමුලන මහ ඕවිට පදිංචි උපුල් දිසානායක,සහ පනාගොඩ ශ්රීලංකා පාබල හමුදාවේ සේනාවිධායකවරයාද සිටින බව රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.