රුපියල් කෝටි 3472ක ග්රීක බැඳුම්කර මිලදී ගනිමිනුත්, සේවක අර්ථ සාධක අරමුදලේ මුදල් කෝටි 120ක් කොටස් වෙළදපොළේ ආයෝජනය කිරීමෙනුත් ශ්රී ලංකා ජනතාවට විශාල පාඩුවක් කළේ යැයි නීතිඥ කැලුම් කුමාරසිංහ මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව කොළඹ අතිරේක මහේස්ත්රාත් අධිකරණයේ ගොනු කළ නඩුව කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය වෙත මාරු කරනු ලැබීය.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අතුල රණගල මහතා කොළඹ අතිරේක මහේස්ත්රාත් අධිකරණය හමුවේ නඩුව විභාග කිරීමෙන් යුක්තිය ඉටුනොවන බවත් නඩුව වෙනත් අධිකරණයකට මාරු කරන ලෙසත් කළ ඉල්ලීම සළකා බලමින් නඩුව කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයට මාරු කළේය.
නඩුව නැවතත් හෙට (14දා) කොළඹ මහේස්ත්රාත් අධිකරණයේදී කැඳවීමට නියමිතය.