මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායම දකින සිහින කෙදිනක හෝ ඉටුනොවන බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතා පැවසීය.
හෙතෙම මේ බව පැවසුවේ අද (08දා) අනුරාධපුර ප්‍රදේශයේ සංචාරයකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"විධායක බලතල හා ව්‍යවස්ථාදායකයේ බලතලත් තියාගෙන කරන මේ විගඩම්වලින් හානියක් කරන්න බැහැ. තව ටික කාලයකින් රටටම පෙනේවි මේ අයිස් කැටේ ටිකින් ටික දියවෙලා යන හැටි. මේ අපරාධ කරලා තියෙන්නනේ පුංචි මිනිස්සු නෙමෙයි. තමන්ට බේරෙන්න පාරවල් කපාගෙන තමයි මේ වංචාවන් කරලා තියෙන්නෙ. ඒ නිසා සාර්ථකව ඒ විමර්ශන කරගෙන යනවා" යැයි පැවසීය.
නාඋල - ඉන්දික රුවන් කුමාර