(UPDATE) පසුගිය ආණ්ඩු සමයේදී වාහන අවභාවිත කරන ලදැයි කියන සිද්ධියකට අදාළව සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රියදුරු ලබන 27 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර නියම කළාය.
මෙම සිද්ධියට අදාළව පොලීසියට ලැබී තිබූ පැමිණිල්ලකට අදාළව සිදුකළ පරීක්ෂණයකින් අනතුරුව අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රියදුරු ලෙස කටයුතු කළ කපිතාන් තිස්ස විමලසේන මහතා මෙලෙස රිමාන්ඩ් භාරයට පත්කෙරිණි.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ පොලීසිය සිද්ධියට අදාළව තවදුරටත් පරීක්ෂණ පවත්වන හෙයින් සැකකරු රිමාන්ඩ් භාරයට පත්කරන්නැයි ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකාබලමින් සැකකරු රිමාන්ඩ් භාරයට පත්කළ මහේස්ත්‍රාත්වරිය පරීක්ෂණවල ප්‍රගතිය එළඹෙන 27 වැනිදා අධිකරණයට දැනුම්දෙන ලෙස පොලීසියට නියම කළාය.
මහින්දගේ රියදුරු අත්අඩංගුවට
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ රියදුරු වශයෙන් කටයුතු කළ කපිතාන් තිස්ස යන අය පොලිස් මූල්‍ය අපරාධ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අයථා මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට අද (13දා) පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට පැමිණි අවස්ථාවේදී ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.