මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කරනවා කියමින් පාරම් බාන අයට පුළුවන් නම් එය සිදුකර පෙන්වන ලෙසට තමා පවසන බවත්, එදාට එය සිදුකරන අමන පාලකයන්ට ඉතිහාසයේ අමතක නොවන පාඩමක් උගන්වන බවත් දකුණු පළාත් සභා මන්ත්‍රී බද්දේගම සමිත හිමියන් පවසති.
ඒ හිමියන් මේ බව පැවසූයේ පසුගිය (31දා) බද්දේගම පැවැති ජනහමුවක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ උන්වහන්සේ,
“ප්‍රජා අයිතිතිය අහෝසි කිරීමේ සලකුණ තමයි ජේ.ආර් කියන්නේ. ඔහු එදා මැතිණියගේ ප්‍රජා අයිතිය අහෝසි කළා. හැබැයි පුතෝ දැන් නම් ඒවට එන්න එපා. මේ දුර්වල පාලකයින් වන රනිල්, මෛත්‍රී, ආතක් පාතක් නැති පාඨලීයි, සහ ජවිපෙ සියලු දෙනාගේ ප්‍රධාන ප්රශ්නය මහින්ද. මේ හැම දෙනාම මහින්ද රාජපක්ෂ කියන ඒ ප්‍රෞඩ චරිතයට බයයි. මේගොල්ලෝ පැරදිලා ඉන්න මහින්දටත් බයයි. ඇයි ඔවුන් දන්නවා බලයේ ඉන්න මහින්දට වඩා පැරදිලා ඉන්න මහින්ද ජනතාවගේ හදවතේ ඉන්නවා කියලා. මේ ඒ බය තියෙන්නේ. ඒ නිසා අරවා මේවා කියවනවා. ඒ නිසා තමයි ඔය ප්‍රජා අයිතිය අහෝසි කරන කතා කියන්නේ. අපි කියන්නේ පුළුවන් නම් කරලා පෙන්වන්න. මහින්ද කියන්නේ රට නිහස් කරගත් නායකයා. ඔය එක එක අයට අද වේදිකා ගානේ ලොකුවට කෑගහන්න පුළුවන් වුණේ ඒ මහතා කොටියට බය නැතිව මුහුණදීපු නිසා. එහෙම කරපු මහින්දට මේ ඉන්න අය ගේමක් නෑ. මේ ජාතීයේ පියාගේ ප්‍රජා අයිතිය අහෝසි කළොත් අපි එදාට බලාගන්නම්.
ඒ වගේම මතක තියාගන්න අපි ඊළඟට ජාතික නායකත්වයට ගේන්නෙත් රාජපක්ෂ කෙනෙක්ම තමයි. ඔය එක එක සින්දු කෑලි කිව්වා කියලා රටේ මිනිස්සු මේ පෙළගැහිලා ඉන්න තත්ත්වය වෙනස් කරන්න බෑ.
මේ නිකන් කතා කියව කියව ඉන්නේ නැතිව පුළුවන් නම් කරලා පෙන්වන්න. මහින්දගේ ප්‍රජා අයිතිය නැති කරන්න වචනයක් පිටවුන දාට ඒක අපි බලාගන්නම්. මේ අමන ආණ්ඩුව එදාට ඉගෙන ගන්නවා මේ රටේ මිනිස්සුන්ගේ තරම. ආයිත් කියනවා බොරුවට 2015 වගේ වේදිකා ගානේ කෑගහන්න එපා. එදා කිව්ව එකක්වත් අද වෙන කොට ඔප්පු කරගන්න බැරි වෙලා තියනවා”.
හිනිදුම - රවීන්ද්‍ර ශ්‍රීලාල්