හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හෝ වෙනත් කිසිවෙකුගේ හෝ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට සහයෝගය ලබා නොදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
මහින්ද රාජපක්ෂ මහතා හෝ වෙනත් කෙනෙකු වරදක් කර තිබෙනවා නම් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර දඬුවම් ලබාදිය යුතු බව අද (01දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේය.
ප්‍රජා අයිතිය අහෝසි කිරීම ජේ.ආර්ගේ ක්‍රමයක් බවත් එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රමය එය නොවන බවත් එක්සත් ජාතික පක්ෂය මේ අවස්ථාවේදී යම් කෙනෙකුගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට උත්සාහ කරනවා නම් ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය ලබාගත යුතු බවද පවසා සිටියේය.
එසේ නොමැතිව එම පක්ෂයට පමණක් එම කටයුක්ත තනිවම සිදු කළ නොහැකි බවද හෙතෙම සඳහන් කළේය.