වර්තමානයේ වැඩි වශයෙන් විභාග සමත්වන්නේ කොළඹ සිසුන් බව පවසමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කළ ප්‍රකාශය හෙළා දකින බව කොළඹ දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවැසීය. එසේම පසුගියදා ප්‍රතිඵල නිකුත් වූ සාමාන්‍ය පෙළ විභාගයේ ලංකාවෙන් මුල්ස්ථාන ලබාගත් සිසුන් 10 දෙනාගෙන් හය දෙනෙක්ම කොළඹින් පිට සුසුන් බවත් ඔහු පැවැසීය.කොළොන්නාවේ පැවැති උත්සවයක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව පැවැසීය.
"එතුමා හිතාගෙන ඇති එතුමාගේ කාලේ තිබුණ නීති විද්‍යාලයේ විභාග වගේ කියලා සාමාන්‍ය පෙළ විභාගය. මේවා ගම්වලට ගිහින් කියලා ගම්වල මිනිසුන්ව අවුස්සනවා. දරුවන්ගේ මානසික මට්ටම වට්ටලා කොළඹ පාසල් වල දරුන්ට අභූත චෝදනා එල්ල කිරීම මම කොළඹ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දැඩි සේ හෙලා දකිනවා.
දරුවන්ව වඩා ගෙන කිරිපිටි පැකට්ටුවට බදු ගහලා, උපදින්න ඉන්න දරුවොත් ණය කාරයෙක් කරපු මහින්ද මහත්තයාට හොදට ඉගෙන ගෙන ඉන්න ළමයින් තමන්ගේ දේශපාලන අභිමතාර්ථ මුදුන් පමුණුවා ගන්න කඩන් වට්ටන එකට අපිට නම් පුදුමයක් නෑ."