නව දේශපාලන පක්ෂයක් පිහිටුවීම සම්බන්ධයෙන් වන අවසන් සාකච්ඡාව ඊයේ (08දා) රාත්‍රි යේදී මිරිහානේ පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසයේදී පවත්වා ඇතැයි වාර්තාවෙයි.
හිටිපු ජනපතිවරයාගේ නායකත්වය යටතේ පිහිටවන මෙම පක්ෂයේ නම, නිලධාරීන්, ලාංඡනය පිළිබඳව අවසන් තීරණ ගෙන ඇති බවත් වාර්තාවෙයි.
හිටපු අමාත්‍යවරුන් විශාල පිරිසක්, ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව ඇති බවත් වාර්තාවෙයි.
පක්ෂයේ ලියාපදිංචියට අදාළ කටයුතු ඉදිරි සත් දෙක තුළදී සිදුකිරීමට නියමිතය.