නව ව්‍යවස්ථාව ගැන පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් සිදුවේනම් එදාට මහින්ද රාජපක්ෂ මහතා ඡන්දය ප්‍රකාශ කරනු ඇතැයි ගම්මන්පිල අද(12)පැවසීය.
එසේ නොමැතිව පරදින ඡන්ද වලට හිටපු ජනාධිපතිවරයා ඡන්ද ප්‍රකාශ නොකරන බවද මන්ත්‍රිවරයා සදහන් කළේය.
පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදි වැඩිදුරටත් අදහස් දැක්වු ගම්මන්පිල මහතා,
“මහින්ද රාජපක්ෂ මහතාට අයවැයට ඡන්දය දෙන්න එන්න එපා කියලා තියෙන්නේ අපි.මහින්ද රාජපක්ෂ මහතාට තියෙන්නේ අනිත් අයට වගේ තවත් එක් ඡන්දයක් විතරයි.එතුමා ඓතිහාසික චරිතයක්.නිකන් පරදින ඡන්ද වලට එතුමා ඇවිත් අත එසවීමේ පලක් නැහැ. ඡන්දයක් විමසන වෙලාවේ මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ ඉන්නවා කියන්නෙම එදාට ලොකු පෙරලියක් වෙනවා කියන එකේ පළමුවෙනි සංකේතය.ජාතියේ ඉරණම තීන්දු කරන අලුත් ව්‍යවස්ථාව ගැන ඡන්ද විමසීමක් වෙනවානම් එදාට මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ඇවිත් ඡන්දේ දෙනවා.“යනුවෙන් පවසා සිටියේය.