හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන මහජන සම්බන්ධතා කටයුතු සිදු කිරීම සඳහා අද (12දා) බත්තරමුල්ල ප්‍රදේශයේදී කාර්යාලයක් විවෘත කළේය.එම අවස්ථාවට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් මෙන්ම හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් එන්. සිල්වාද එක්ව සිටියහ.
ජයන්තිපුර, නෙළුම මාවතේ පිහිටි මෙම කාර්යාලය විවාත කිරීමේ ප්‍රධාන අරමුණ වී තිබෙන්නේ ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය දක්වමින් මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් මෙහෙයවීම හා අදාළ සම්බන්ධීකරණ කටයුතු කිරීමයි.
මෙතෙක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කටයුතු හා මහජන සම්බන්ධතා කටයුතු ප්‍රධාන වශයෙන් සිදුකරනු ලැබුවේ නාරාහේන්පිට පිහිටි අභයාරාම විහාරස්ථානයේ සිටය.
නව කාර්යාලය විවෘත වීමෙන් පසු සතියකට යම් කාලයක් එම ස්ථානයේ රැඳී සිටිමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමා හමුවීමට පැමිණෙන ජනතාව සමග කතාබහ කිරීමට සහ විවිධ සාකච්ඡා පැවැත්වීමටද නියමිතය.
ඡයාරූප - ඒශාන් ප්‍රනාන්දු