හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උගන්ඩා ගමනට විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා මුදල් ලබාදීම පිළිබඳ කිසිවක් තමාට ප්‍රකාශ කළ නොහැකි බවත්, ඒ සම්බන්ධයෙන් අමාත්‍යාංශ මාධ්‍ය ප්රකාශවරියගෙන් විමසන ලෙසත් විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශිකාව වන මහේෂි කොලොන්න මහත්මියගෙන් මේ පිළිබඳ කළ විමසීමේදී ඇය පැවසුවේ මේ පිළිබඳ පිළිතුරු දීමට තමා සතුව විස්තර නොමැති බවයි.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ විදේශ දූත මණ්ඩල අංශයෙන් තමා මේ පිළිබඳ විමසුවද මෙතෙක් එම විස්තර නොලැබුණු බවද ඇය පැවසුවාය.