හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට යොදවා සිටින හමුදා සාමාජිකයන් 102 දෙනාගෙන් 50 දෙනෙකු අද (02දා) සවස 02 වනවිට මුදාහරින ලෙස ආරක්ෂක අමාත්‍යාංශයෙන් නියෝගයක් ලැබී තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය අංශය සඳහන් කරයි.
අද ඉවත් වන හමුදා සාමාජිකයන් 50දෙනාට මේ වනවිට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය මිරිහාන නිවසේදී සිදුකළ සේවය ඇගයීමට ලක්කිරීම මේ වනවිට සිදුකරමින් සිටියි.