මහමැතිවරණය හරහා මහින්ද රාජපක්ෂ මහතා සුදානම් වන්නේ දුෂණයටද, භීෂණයටද , පවුල් පාලනයටද යනවග පැහැදිලිව රටට ප්රකාශකරන ලෙස අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පවසයි.
සතියේ විත්ති නමින් සිය ෆේස්බුක් ගිණුමේ අදහස් දක්වමින් අග්රාමාත්යවරයා මේබව පවසයි.
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති පොස්ටරයකින් කියනවා මම ලැස්තියි කියලා. ඉතිං ලැස්ති ආපහු දුෂණයටද, භීෂණයටද කියල හරියට ප්රකාශකරලා නැහැ. එයා කියන්න ඔන ලැස්ති දුෂණයටද, භීෂණයටද , පවුල් පාලනයටද කියලා. එතකොට අපිට පුලුවන් ඒ අනුව ක්රියාකරන්න. එජාපය මේ මහ මැතිවරණයට ඉදිරිපත්වෙන්නේ රාජපක්ෂ රෙජීමය ගැන භය නැතිකරලා රාජපක්ෂ රෙජිමය වළලා දාන්නයි. ජනවාරි අටවෙනිදා විප්ලවය තහවුරු කරන්නයි. යනුවෙන් වැඩිදුරටත් ප්රකාශකර තිබේ.