තමන් මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා හා තරග කිරීමට සුදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරනවා. නිකවැරටියේ අද පැවැති ජන හමුවක් අමත්මින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළා.
එසේම පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට දකුණු පළාත් ඇමිති ඩී.වී. උපුල් කළ ප්‍රකාශයට හිටපු ජනපතිවරයා සමාව ගත යුතු බවත් ඔහු ප්‍රකාශ කරනවා.
තමන් දේශපාලනයට පිවිසියේත්, දේශපාලනයෙන් සමුගන්නේත් ඉදිරිපස දොරටුවෙන් බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා.
" 20 වෙනි සංශෝධනයක් සම්මත කර ගතයුතු බව ජනාධිපතිතුමා මා සමඟ ප්‍රකාශ කළා. විශේෂයෙන්ම එම ඉල්ලීම කළේ අප නොවේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. එම ඉල්ලීමට අප එකඟ වූයේ ජනාධිපතිතුමා ප්‍රකාශ කළ නිසයි.
මට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනවිත් මා පරාජය කොට සන්ධාන ආණ්ඩුවක් පිහිටුවන බවට දිනේශ් ගුණවර්ධන, මහාචාර්ය ජී. එල්. පීරිස්, බන්දුල ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම යන මන්ත්‍රීවරුන් ප්‍රකාශ කරනවා. මට එකක් කිව හැකියි. එනම් මා පසුපස දොරෙන් නොව ඉදිරිපස දොරෙන් පැමිණි කෙනෙක් බවයි. මම දේශපාලනයෙන් සමුගන්නා දිනයේදි ඉදිරිපස දොරෙන් පිටවී විශ්‍රාම ගන්නා බව ද කිව යුතුයි. බන්දුල ගුණවර්ධන සහ ජී. එල්. පිරිස් යන මන්ත්‍රිවරුන් පැමිණියේ පිටුපස දොරෙන් නොව කැරකෙන දොරකින්. ආණ්ඩුව මාරු වෙන්න මාරු වෙන්න ඒ දොර කැරකෙනවා. ඒ අන්දමට කැරකෙන දොරෙන් එන අය මං ගැන කොහොමද කියන්නේ?
අගමැති වීමට ජනතාව වරම දුන්නේ මටයි. මමත් එක්සත් ජාතික පක්ෂයේ සියලු දෙනාමත් දැන් ජනතාව ඉදිරියට ගොස් ඒ වරම ස්ථිර කරන ලෙස ඉල්ලා සිටින්නට සූදානම්. ඒ පිරිස ඡන්දෙකට යාමට අකමැතියි. ඒකට බයයි. ඒ අයට අවශ්‍ය වෙලා තියෙන්නේ මැතිවරණයකට නොගොසින් බලය මාරු කිරීමටයි. දැන් ඔක්කොම හොරු ටික අහුවෙමින් පවතිනවා. හොරු අහුවෙන කොට නඩු පවරනවා. ඒකට ප්‍රශ්නයක් නැහැ. නඩු පැවරීමට හැම දෙනාටම අයිතියක් තිබෙනවා. නමුත් ඒ ක්‍රියා මාර්ගයත් හරියන්නේ නැති බව දන්න නිසා ඔවුන් තවත් බය වෙලා.
මං හිතන්නේ දැන් ඔවුන් ජනතාවගෙන් හොරකම් කළා ඇති කියලා. මේ හොරුන්ට තව දුරටත් හොරකම් කිරීමට ඉඩ දෙනවාද? උපුල් මන්ත්‍රිවරයා කළ කතාවට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පොලිසියෙන් සමාව ඉල්ලීමට යුතුකමක් තිබෙනවා.
කරුණාකරලා පාර්ලිමේන්තුව විසුරුවා හරින්න කියලා ඉල්ලීමක් කරන්න අප බලාපොරොත්තු වෙනවා. මහින්ද රාජපක්ෂ සමඟ තරඟ කරන්න මම සූදානම්. මහින්ද රාජපක්ෂ 2005 දී කොටින්ට මුදල් ලබාදීලා ප්රභාකරන්ට පින් සිදු වෙන්නට ඒ මැතිවරණයෙන් ජයග්‍රහණය කළා. අද ප්රභාකරන් නැහැ. කොටිත් නැහැ. මම එකක් ප්‍රකාශ කරන්න කැමතියි. උතුරේ නොවෙයි. දකුණේ ඡන්දවලින් රජයක් හදන්නට අපට පුළුවන් බව මම ප්‍රකාශ කරන්න කැමතියි. ඒ මැතිවරණයෙන් පසු, මුළු පාර්ලිමේන්තුවම රජයක් බවට පත්කිරීමට මට අවශ්‍යයි" යැයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසුවා.