එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ලෙස පත්කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලබන 16 වැනි දින මහලේකම්වරයා ලෙස නිල වශයෙන් වැඩභාර ගැනීම සිදුවේ.
මහාචාර්ය විශ්වා වර්ණපාල මහතාගේ ආභාවය හේතුවෙන් පුරප්පාඩු වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධුරයට අමාත්‍ය මහින්ද අමරවීර මහතා පත්කරනු ලැබූවේ පසුගිය 08 වැනි දිනය.
ඩාර්ලි පාරේ පිහිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රධාන කාර්යාලයේදී මෙම වැඩභාර ගැනීම සිදුවේ.