හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පිනට අගමැති නොකරන බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අභියෝග කර ජනසම්මතයෙන් අගමැති කරන බවත් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත්ද සොයිසා මහතා පැවැසීය.
ඊයේ (17දා) ඇඹිලිපිටියේ පැවැති මාධ්‍ය හමුවකදි ඔහු මේ බව පැවැසීය.
“මහින්ද රාජපක්ෂ මහත්තයා පිනට අගමැතිකමට පත් කරන්න අපි සුදානම් නෑ. රනිල්, මෛත්‍රීට අභියෝග කර ජනසම්මතයෙන් අගමැති කරන්නයි අපි බලාපොරොත්තු වෙනනේ. 16 කණ්ඩායමත් එක්ක විසඳා ගැනීමට බැරි ප්‍රශ්නයක් නෑ. ඒ නිසා අපි දෙගොල්ලන්ට එකතුවීමේ ගැටලුවක් කොතනකවත් නෑ.
ඒ කණ්ඩායම තමයි සුලුතර රනිල්ට සහාට දෙන්න ගිහිං, මහින්ද රාජපක්ෂ මහත්තයාට අගමැතිකම නැති කළේ. අද ඒ අයට ඒ කළේ වරදක් කියලා තේරිලා තියනවා.
මහින්ද ඇරුණම බැසිල් තමයි තියන අභියෝගය. එතුමන් දක්ෂ සංවිධායකවරයෙක්. එතුමන්ට ගහන්න දෙන්න බෑ. තුනෙන් දෙකේ බලයක් තිබූ ආණ්ඩුවක් දින 365ක් තුළ දණින් අල්ලලා බිම ඇන්නේ බැසිල් රාජපක්ෂ මහත්තයා නායකත්වය දුන් පොහොට්ටුව බව කියන්න ඕනෑ.
දාසයේ කණ්ඩායමට අපි කියන්නේ දෙපැත්තක් බෑ. දොන් නම් දොන් සිමන් නම් සිමන්. දොන් සිමන් දෙකක් බෑ කියලා. එකම නායකයා මහින්ද රාජපක්ෂ විය යුතුයි කියලා පිළිගන්න ඕනෑම කෙනෙක් අපිත් පිළිගන්නවා.”
අජිතලාල් ශාන්ත උදය/කොලොන්න ජේ. නානායක්කාර