හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සුසංයෝගයකට පැමිණීම මෑත ඉතිහාසයේ සිදුවූ අපකීර්තිමත් සහසම්බන්ධතාවක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
ජනතා විමුක්ති පෙරමුණෙන් ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ නාමයෝජනා පත්රයට අත්සන් තැබීමේ අවස්ථාවට සහභාගි වෙමින් මේ බව සඳහන් කළ පක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසුවේ, මෙම සුසංයෝගය සමග ප්රතිපක්ෂව තරග කිරීමට ඉදිරිපත් වී සිටින කණ්ඩායම බලය වෙනුවෙන් ඕනෑම දෙයක් සිදුකිරීමට සූදානම් කණ්ඩායමක් බවද ඔහු පවසා සිටියේය.
මහින්ද මෛත්රී සුසංයෝගයට අමතරව පසුගිය කාලයේදී එක්සත් ජාතික පක්ෂය සමග ගැටුම් ඇතිකර ගත් කණ්ඩායමක් එකතු වී මැතිවරණය විකාරරූපී තත්ත්වයකට පත්කළ හැකි බවද පක්ෂ නායකවරයා සඳහන් කළේය.
මේ නිසා පාර්ලිමේන්තුවට ජනතා හඬ ගෙන යා හැකි ජනතාව වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම හා අපේක්ෂකයන් පාර්ලිමේන්තුවට යැවීමේ වගකීම ජනතාව සතු බවද හෙතෙම පවසා සිටියේය.
මෙවර මැතිවරණයට ජනතා විමුක්ති පෙරමුණ ප්රබල සුපිරිසුදු කණ්ඩායමක් සෑම දිස්ත්රික්කයටම ඉදිරිපත් කර තිබෙන බවත්, කිසිදු අපේක්ෂකයෙකුට කිසිදු චෝදනාවක් එල්ල වී නොමැති බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.