ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර එකඟතාවකට එළඹීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් සාකච්ඡා නොකළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවසීය.
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ මහින්ද රාජපක්ෂ මහතා හැරුණු විට ඊළඟට සිටින ජ්‍යෙෂ්ඨ සාමාජිකයා තමන් බවත්, තමන්ට නොදන්වා එවැනි සාකච්ඡාවක් පැවැත්විය නොහැකි බවත් මන්ත්‍රිවරයා සඳහන් කළේය.
මහින්ද රාජපක්ෂ මහතා හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර එකඟතාවයක් ඇති කිරීම සඳහා ඔවුන් දෙදෙනා අතර හමුවක් පැවැත්වීම පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් සාකච්ඡා කළ බවට මාධ්‍ය මගින් තොරතුරු වාර්තා කෙරිණි.