මහින්ද මැයි රැලි බලන්න යයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මැයි දින රැලි දෙකකට සහභාගී වන ලෙසට ආරාධනා කර තිබුණද, එම ආරාධනා පිළිනොගෙන මහින්ද රාජක්ෂ මහතා මැයි දින රැලි 04 ක් නැරඹීමට ගොස් ඇතැයි වාර්තාවේ.
ශ්රී ලංකා නිදහස්පක්ෂය පැවැත්වූ මැයි දින රැලියට සහ මහජන එක්සත් පෙරමුණ ප්රමුඛ වමේ පක්ෂ විසින් පවත්වන ලද මැයි දින රැලියට සහභාගී වන ලෙසට හිටපු ජනාධිපතිවරයාට ආරාධනා කිරීමට සංවිධායකයන් කටයුතු කර තිබුණද, ඒ මහතා එම මැයි දින රැලිවලට සහභාගී නොවී ප්රකාශ දෙකක් නිකුත් කිරීමට කටයුතු කර තිබිණි.
මැයි දින රැලි පැවැත්වූ ප්රධාන වේදිකාවට ආරාධිතයෙකු ලෙස සහභාගී නොවූවද මහින්ද රාජපක්ෂ මහතා තම නිලරථයේ සිට ශ්රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින රැලි නරඹා තිබෙන බවද වාර්තාවේ. එසේම මහින්ද රාජපක්ෂ හිතවාදීන් විසින් සංවිධානය කළ එක්සත් මැයි රැලිය නැරඹීමටද හිටපු ජනාධිපතිවරයා ගොස් ඇතැයි වාර්තාවේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

