මහින්ද රාජපක්ෂ මහත්තයා දැන් ගැහෙනවා.මේ ගැහෙන ගැහිල්ල වතුර ටික රත්වෙන කං, කකුලුවා ගැහෙන ගැහිල්ල වගේ තමයි.මහින්ද මහත්තයා තව ටික දවසක් දගලයි.එතනින් පස්සේ එතුමාම තේරුම් ගනියි කොහෙද මේ යන්නේ කියලා යැයි ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යය පී හැරිසන් මහතා අනුරාධපුරයේදී පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යයවරයා පැවසුයේ
දැන් මේ ලගදී රාජපක්ෂ මහත්තයා කියනවා කරන්න බැරි නම් මට දෙන්නලු, මේ ආණ්ඩුව බලයට ආවේ අගෝස්තු මාසේ 17 වැනිදා, තාම ආණ්ඩුව පත්වෙලා මාස 6යි, අයවැයෙන් මුදල් වෙන් කරලා මාස 3 යි, ආණ්ඩුවට වැඩක් කරන්න අවුරුදුදක් , එක හමාරක් යනවා.දරුවෙක් හම්බෙන්නත් මාස 9 ක් යනවා.කොළඹ හයිඩ් පිටියේ තිබුණ රැස්වීමට තුන් හාරදාහක් ආවම මහින්ද මහත්තයා ටිකක් චූන් වෙලා.කොච්චර චූන් වෙලාද කියනවා නම් මගේ පවුලම හිරේ ගියත් මගේ දේශපාලනය නවත්වන්න බෑ කියලා.රාජපක්ෂ මහත්තයාගේ හෘද සාක්ෂිය දන්නවා එතුමාගේ පවුලම කරපු වැරදි වලට හිරේ යන්න ඕන කියලත්.ඒවා රටේ හැමෝටම දැන ගන්න පුළුවන් තව ටික දවසක් යන කොට.ඉස්සරහට හොද හොද සෙල්ලම් ටික බලාගන්න පුළුවන්. යැයී පැවසීය.
හෙතෙමමේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (19) අනුරාධපුර මාන්කඩවල සිට -මංගල ගම දක්වා දිවෙන මාර්ගය ප්‍රතිසංස්කරණ කටයුතු සමාරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමින්ය.