අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදෙමින් ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16 දෙනා විපක්ෂයට එක්වීමට තීරණය කළද, ඔවුන් සිය පක්ෂ නායකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිගැනීම ජනතාවට ප්රහේළිකාවක් බව ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ ලේකම් වාසුදේව නානායක්කාර මහතා පවසයි.
එසේම ඉදිරි ජනාපතිවරණය සඳහා එක්සත් ජාතික පක්යේ අනුමැතිය යටතේ මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කිරීමට හෝ ජනාධිපතිවරයාගේ අනුදැනුම ඇතිව නව සම්මුතියේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් කිරීම ගැනද එකඟතාවක් ඇතිවීමේ හැකියාවක් පවතින බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
එසේම ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් පසුව පැවැත්වෙන මහ මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ජනතාවාදී ආණ්ඩුවක් බිහිවීමේ ඉඩකඩ වැළැක්වීමේ අරමුණක් පවතින බවත්, ඒ සඳහා ජාත්‍යන්තර බලවතුත් සමග වත්මන් පාලකයන් එකඟතාවක් ඇතිකරගෙන තිබෙන බවත් ඔහු පෙන්වාදෙයි.