ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කිරීමට නියමිතව තිබූ පාගමනක දිනයන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීම මත වෙනස් කළ බ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා කීවේය.
අගෝස්තු මස 17 වැනිදා එම පාගමන පැවැත්වීමට නියමිතව තිබුණත් කරුණු කිහිපයක් සලකා බලා එම පාගමනයේ දිනය වෙනස් කරන්නැයි හිටපු ජනපතිවරයා ඉල්ලා සිටි බවද මන්ත්‍රීවරයා කීවේය.
එසේම ඒකාබද්ධ විපක්ෂය විසින් ආණ්ඩුවවට එරෙහිව ජාතික ව්‍යාපාරයක් එළැඹෙන 28දා මහනුවරින් ආරම්භ කරන බවද ඔහු වැඩිදුරටත් කීවේය.