මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා නැතිකළා සේ මෙම ආණ්ඩුවද නැති නොකරනමෙන්අගමැති රනිල් වික්‍රමසිංහ මහතාහිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගෙන් අවවාදාත්මක ඉල්ලීමක් කළේය.
අගමැතිවරයා ඊයේ(20දා) පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කළ අතර, මෙම වසරේ පළමු පාර්ලිමේන්තු සැසි වාරයේදීම මෙවැනි ප්‍රකාශයක් කිරීම වැඩිදෙනාගේ අවධානයට යොමු වූ කරුණක් විය.
එහිදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අදහස් දක්වමින්,
"අපි කෙසේ හෝ මූලික ජාතික ප්‍රශ්නවලට විසඳුමක් සොයන්න අවශ්‍යයි. මම පුදුම වුණේ මගේ මිත්‍ර විමල් වීරවංශ මහතා අද කරලා තිබෙන ප්‍රකාශය ගැන. මම එතුමාට එකක් කියන්නම්. ඔබතුමා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නැති කළා. ඉතුරු ටිකත් නැති කරන්න එපා. කරුණාකරලා මෙතන තිබෙන ජාතිවාදය අමතක කරලා, අපි බලමු මේ ප්රශ්නය කොහොමද විසඳන්නේ කියලා" යනුවෙන්ද කියා සිටියේය.