හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නැවත දේශපාලනයට ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂයද සහාය දෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
දේශපාලනයේ සදාකාලික සතුරන් නැති බවත් ඔහු පැවැසිය. එවකට අගමැතිනියව සිටි සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියට එරෙහිව කටයුතු කිරීමට මහින්ද රාජපක්ෂ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමකට 1980 වසරේදී එක්සත් ජාතික පක්ෂය සහාය දුන් බවත් ඔහු කීවේය.
අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු මේ බව පැවැසිය.