හිටපු ජනපති මහින්ද රාජක්ෂ මහතා පසුගිය මහ මැතිවරණයේ තරග නොකර මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා හා එක්ව මැතිවරණය මෙහෙයුවානම් සන්ධානයට මැතිවරණය ජයගැනීමට හැකියාව තිබූ බව අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවැසීය. නුවරදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව ඊයේ (05දා) පැවැසීය.
“හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ මැතිවරණයේදී තරග නොකර එළියට බැහැලා මේ මැතිවරණ සටනට නායකත්වය දීලා එතුමා තරග නොකර මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් එක්ක මැතිවරණය මෙහෙයුමානම් අපිට විශාල මන්ත්‍රීධුර ප්‍රමාණයක් ලබාගෙන ආණ්ඩුවක් පිහිටුවන්න තිබුණා කියන එකයි මගේ විශ්වාසය. පසුගිය ජනපතිවරණයේ අපේ ඡන්ද ලක්ෂ 7ක් හංසයට ගියා. ඒ ඡන්ද ටික අපිට ගන්න තිබුණා. අපිට සුලු ජාතික ඡන්ද නැතිවෙලා ගියා. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට අතේ තිබුණ ජයග්‍රහණයක් නැතිවෙලා ගියා”