කිරි අම්මාවරුන් 300ක් කැඳවා දානය සහ සිල් රෙදි බෙදාදීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් කුරුණෑගල බෞද්ධාලෝක විහාරස්ථානයේදී සංවිධානය කළ වැඩසටහනක් ඊයේ (15දා) පෙරවරුවේදී කුරුණෑගල පොලිසිය විසින් අත්හිටුවා ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල පොලිස් මැතිවරණ ඒකකය විසින් කළ දැනුම්දීමකට අනුව පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අදාළ ස්ථානයට ගොස් ඇති අතර, පැමිණ සිටි කිරිඅම්මාවරුන්ට දානමය සංග්රහයක් සිදුකරමින් සිටි බවත් පොලීසිය පවසයි.
නායක බණ්ඩාර