හිටපු ජනපතිවරුන් දෙපළක් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හා මහින්ද රාජපක්ෂ මහතා බලය අත්හැරීමට සූදානම් නැති බව අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා කියයි. ඊයේ (28දා) බදුල්ලේ පැවැති උත්සවයක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.
"දෙපාරක් මේ රටේ ජනාධිපති වෙලා හිටපු චන්ද්‍රිකා මැතිණිය ගම්පහ දිස්ත්‍රික් සමබන්ධීකරණය රැස්වීමට ඉදගෙන. මල විකාරයක්නේ. ඒකේ ඉදගන්න එයාට අයිතියක් නෑ. බලය අතහරින්න කැමති නෑ. තාම බලයට පොඩ්ඩක් හරි ලැබෙනවානම් කෑදරයි. රටේ ජනාධිපති වෙලා දෙපාරක් හිටියත් ගම්පහ නගරාධිපති තනතුර දෙනවනම් ගිහින් ඉදගන්නවා.
බලය අතහරින්න ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතුතුමා දුන් ආදර්ශය චන්ද්‍රිකා මැතිණිය ගත්තානම් ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමේ ගිහින් වාඩි වෙන්නේ නෑ. ඒ ආදර්ශය මහින්ද රාජපක්ෂ මැතිතුමා අරගෙන තිබුණානම් රටේ ජනතාව කොච්චර ඉල්ලුවත් එතුමා කියනවා මම දෙපාරක් ජනපතිවෙලා ඉන්නේ. පාර්ලිමේන්තු එන්නේ නෑ කියලා. ඒ ආදර්ශය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අනාගතයේදී ගත්තොත් එතුමා කියනවා මම හතරපාරක් අගමැති වෙලා ඉන්නේ ආයේ අගමැති වෙන්නේ නෑ කියලා."